දිලිත් ජයවීර දේශපාලනයට???

දෙරණ මාධ්‍ය ජාලයේ අධිපති කෝටිපති ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා දේශපාලනයට පිවිසීමට සූදානම් වන බව කටකතාවක් පැතිර යමින් පවතී.
හේමකුමාර නානායක්කාර මහතාගේ නායකත්වයෙන් ලියාපදිංචි කර ඇති දේශපාලන පක්ෂයක් ඔහු විසින් මිලට ගෙන ඇති බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරන අතර, දිලිත් ජයවීර මහතා විසින් "අරමුණ" නමින් සංවිධානයක් පිහිටුවා ගෙන දිවයින පුරා ව්‍යාපාරිකයන් හමුවෙමින් ආර්ථික අර්බුදය පිළිබඳ සාකච්ඡා කරමින් ව්‍යාපාරිකයන් දැනුවත් කොට සිටින්නේ, තම දේශපාලන අනාගතය ගොඩනගා ගැනීමේ අරමුණෙන් බව ද මේ පිළිබඳ අදහස් දක්වන විවිධ පාර්ශ්ව සැක පළ කොට සිටී.
252 Views
Comments