ඡන්දය ගැන මැතිවරණ කොමිසමේ අවසන් තීරණය අද
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
24

ඡන්දය ගැන මැතිවරණ කොමිසමේ අවසන් තීරණය අද

ඡන්දය ගැන මැතිවරණ කොමිසමේ අවසන් තීරණය අද

මාර්තු 09 වනදා පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව අද (24) දිනයේදී රැස්වී සාකච්ඡා කර තීරණයක් ගන්නා බව එහි කොමිසමේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා පවසයි.

 

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් කොමිසමේ සාමාජිකයින්  5 දෙනාගේම සහභාගීත්වයෙන් මාධ්‍ය හමුවක් පවත්වා ඒකමතිකව ගත් තීරණය පසුගියදා රටට ප්‍රකාශ කළ බවත් ඡන්ද විමසීම පැවැත්වීමට අදාළ සෑම ගැසට් නිවේදනයකටම කොමිසමේ සාමාජිකයින් 5 දෙනාම අත්සන් යොදා ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටී.

views

198 Views

Comments

arrow-up