ඡන්දය කල් දමන ලෙසට විපක්ෂය ඉල්ලා නැතැයි සජිත් කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
24

ඡන්දය කල් දමන ලෙසට විපක්ෂය ඉල්ලා නැතැයි සජිත් කියයි

ඡන්දය කල් දමන ලෙසට විපක්ෂය ඉල්ලා නැතැයි සජිත් කියයි

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විකෘති කතා සිදු කරන බව පවසන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, මැතිවරණය කල් දමන ලෙසට විපක්ෂය ඉල්ලීම් කර ඇති බවට ජනාධිපතිවරයා කරන ප්‍රකාශයේ සත්‍යතාවක් නොමැති බව කියා සිටී.

 

ඔහු ප්‍රකාශ කරන පරිදි මැතිවරණයක් නොපවත්වන්නේ නම් ජනාධිපතිවරයා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය නාමයෝජනා බාර දුන්නේ කෙලෙසදැයි ප්‍රශ්න කරන සජිත් ප්‍රේමදාස මහතා, මැතිවරණයක් නොමැති බව පවසමින් ජනාධිපතිවරයා උද්දච්ච ලෙස කටයුතු කරන බව සඳහන් කර සිටියේය.

 

ජාතික මැතිවරණ කොමිසම නිල වශයෙන් මැතිවරණය පැවැත්වීමට දින නියම කර නොමැති බැවින් පළාත් පාලන මැතිවරණයක් නොමැති බව ඊයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට දැනුම් දීම සම්බන්ධයෙන් කරුණු දක්වමින් ඔහු මේ අදහස් පළ කර සිටියේය.

views

208 Views

Comments

arrow-up