මුදල් කාරක සභාවේ සභාපතිවරයා පත්වීම පාර්ලිමේන්තු නීති වලට පටහැනි නොවන බව ප්‍රසන්න කියයි

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරන්නේ, මුදල් කාරක සභාවේ සභාපතිවරයා පත් කලේ තේරීම් කාරක සභාවේ බහුතරයකගේ කැමැත්තෙන් බවත්, සභාපතිවරයා පත් කිරීමේදී පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග උල්ලංඝනය වී නොමැති බවත් ය.
විපක්ෂය මේ සම්බන්ධයෙන් ජනතාව අතර වැරදි මතයක් ඇති කිරීමට කටයුතු කරන බව ඔහු පෙන්වා දෙයි.
ඇමතිවරයා මේ බව සදහන් කළේ, අද (23) පාර්ලිමේන්තුවේදී රැස් වූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව මුදල් කාරක සභාවේ සභාපතිවරයා ලෙස මයන්ත දිසානායක මහතා පත්කර ගත් අතර එම පත් වීමෙන් අනතුරුව ඇති වූ සංවාදාත්මක තත්වයකදී ය.
176 Views
Comments