සෞඛ්‍ය ඇමති වෙන්න යළිත් හීන මවන රාජිත සේනාරත්න

වර්තමානයේ ශ්‍රී ලංකාවේ පවතින තත්වය ගැන සළකා සෞඛ්‍ය අමාත්‍ය ධූරය භාර ගැනීමට තමන් සූදානම් බව සමගි ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කර සිටී.
ජනතාවට මේ මොහොතේ අවශ්‍ය වන්නේ මැතිවරණයක් නොව ආහාර බවත් රට මුහුණ පා ඇති තත්ත්වයෙන් රට ගොඩගැනීමට සෞඛ්‍ය අමාත්‍ය ධූරය ලබා දුන්නහොත් ඒ සඳහා තමාගේ උපරිම දායකත්වය ලබා දී කටයුතු කරන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටී.
මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා මෙම අදහස් ප්‍රකාශ කර ඇත්තේ කොළඹ මහාධිකරණයේ පැවති නීති කටයුත්තක් සඳහා පෙනී සිටීමෙන් පසු මාධ්‍ය අමතමිනි.
229 Views
Comments