ජනපති රනිල් ලණුවක් කා ඇති බව උදය ගම්මන්පිල කියයි

රජයේ නිලධාරීන් විශාල සංඛ්‍යාවක් විවිධ පක්ෂ වලින් මැතිවරණය සඳහා නාම යෝජනා භාරදී ඇති බවත්, මැතිවරණය කල් දැමීම හේතුවෙන් අගතියට පත් වන ඔවුන්ට වැටුප් ගෙවීමට රජය කටයුතු කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කියා සිටී.
නොවැම්බර් 18 වැනිදා වන විට වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර හතරක් සම්පූර්ණ වන බවත්, ඉන්පසු ජනාධිපතිවරණයක් පැවැත්විය හැකි බැවින් ජනාධිපතිවරයා සැරසෙන්නේ එම පියවර සඳහා බවත් කියා සිටින උදය ගම්මන්පිල මහතා ජනාධිපතිවරයා කාගේ හෝ රාජකීය ලණුවක් කා ඇති බව පවසා සිටී.
186 Views
Comments