රනිල් සහ අනුර රහස් කතාවක

මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අතර රහසිගත සාකච්ඡාවක් පැවැත්වී ඇතැයි සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා සඳහන් කරනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පවසන්නේ මේ සම්බන්ධයෙන් රහසිගත මූලාශ‍්‍රයක් ඔස්සේ තොරතුරු තමන්ට ලැබුණු බවයි. තවදුරටත්, පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා කියා සිටින්නේ, ජනතා විමුක්ති පෙරමුණට මුලින් පැවති ජනතා රැල්ල අද වන විට බිමටම වැටී ඇති නිසා පළාත් පාලන ඡන්දය කල් දැමීම සඳහා ඔවුන් සාකච්ඡා කර ඇති බවයි. ඒ මහතා මෙම අදහස් පළ කරන ලද්දේ සමගි ජන බලවේගයේ ජන හමුවක් අමතමිනි.
212 Views
Comments