හිටපු නියෝජ්‍ය ඇමති මුස්තාපා සිරගෙට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
17

හිටපු නියෝජ්‍ය ඇමති මුස්තාපා සිරගෙට

හිටපු නියෝජ්‍ය ඇමති මුස්තාපා සිරගෙට

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් 2010 වසරේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට සහය දැක්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතාගෙන් ලක්ශ 42 ක මුදලක් ලබාගැනීමේ චෝදනාවට වරදකරු කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය මයෝන් මුස්තාපා මහතාට මාස හයක සිර දඬුවමක් නියම කෙරුණු අතර විත්තිකරුගේ ප්‍රජා අයිතියද අහෝසි කළේ ය.

 

මීට අමතරව විත්තිකරුට දඩයක් ද නියම කර ඇති අතර එම දඩ මුදල ගෙවීම පැහැර හරිනු ලබන්නේ නම් අමතරව තවත් මාසයක සිරදඬුවමක් නියම කළ බව නඩු තීන්දුවේ සඳහන් වේ.

views

194 Views

Comments

arrow-up