ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු එන්න හදන ජනක රත්නායක

විදුලි බල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා පවසන්නේ, මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා විපක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තු ඒමට සූදානමක් ඇති බවයි.
සභාපතිවරයා විදුලි අර්බුදයක් ඇති කරමින් මතභේදාත්මක හැසිරීමක සිටින්නේ මෙම මන්ත්‍රී ධුරය බලාපොරොත්තුවෙන් බව ඔහු පැවසීය.
කංචන විජේසේකර අමාත්‍යවරයාගේ අදාල ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් ජනක රත්නායක මහතා පවසන්නේ තමන් කිසිම දේශපාලන පක්ෂයක ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පිළිගැනීමට සූදානම් නැති බවයි.
183 Views
Comments