එක්සත් ජාතික පක්ෂයේ දෙවැනි මහලේකම්වරයා දිවි සැරියට සමු දෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
09

එක්සත් ජාතික පක්ෂයේ දෙවැනි මහලේකම්වරයා දිවි සැරියට සමු දෙයි

එක්සත් ජාතික පක්ෂයේ දෙවැනි මහලේකම්වරයා දිවි සැරියට සමු දෙයි

එක්සත් ජාතික පක්ෂයේ දෙවැනි මහ ලේකම්වරයා වන දහම් විමලසේන මහතා අද (09) අභාවප්‍රාප්ත වී තිබේ.

 

විමලසේන මහතාගේ දේහය කොළඹ ජයරත්න රෙස්පෙක්ට් ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට (10) හවස බොරැල්ල කනත්තේදී සිදු කෙරේ.

 

1977 දී එක්සත් ජාතික පක්ෂය  බලයට පත්වන විට එජාප  මහලේකම් ධුරය දැරුවේ දහම් විමලසේන මහතා ය.  2001 වසරේදී කෙටි කලකට පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසත් හැත්තෑව දශකයේ අගභාගයේ සිට වසර නවයක් පමණ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ලෙසත් දහම් විමලසේන මහතා කටයුතු කර තිබේ.  

 

එමෙන්ම ප්‍රමුඛ පෙළේ ක්‍රිකට් පරිපාලකයෙකු වූ විමලසේන මහතා  අසූව දශකයේදී ගාමිණී දිසානායක මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCSCSL) සභාපතිවරයා ලෙස කටයුතු කරන විට එහි උප සභාපතිවරයකු ලෙසද කටයුතු කොට තිබෙන අතර 1990 දී ශ්‍රී ලංකා ක්‍රිකට් පදනමේ භාරකරු ලෙසත් 2004-2013 දක්වා එහි සභාපතිවරයා ලෙසත් පත් වී තිබේ. 

views

207 Views

Comments

arrow-up