චමල් රාජපක්ෂට නව තනතුරක්

නව වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභා වාරයේදී ආචාරධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ සභාපති වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා නිතරගයෙන් තේරී පත් වී ඇති බව වාර්තා වේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා විසින් රාජපක්ෂ මහතාගේ නම යෝජනා කොට ඇති අතර, විජිත බේරුගොඩ මහතා එය ස්ථිර කොට ඇති බව සඳහන් වේ.
නව පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවේ දී මෙම කමිටුවට ඉදිරිපත් වී අවසන් කිරීමට නොහැකි වූ කරුණු කිහිපයක් පිළිබඳව ඉදිරියේදී සලකා බැලීමට නියමිත වන අතර, මන්ත්‍රීවරුන්ගේ ආචාරධර්ම සහ වරප්‍රසාද සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් පැවැත්වීමට ද මෙම කාරක සභාවේ දී තීරණය වී තිබේ.
මෙම කාරක සභාව සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් වන කනක හේරත්, අනුරාධ ජයරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජයන්ත කැටගොඩ, ජී. ජී. පොන්නම්බලම් සහ කෝකිලා ගුණවර්ධන සහභාගි වී සිටි බව සඳහන් වේ.
227 Views
Comments