රට ගොඩගන්න හැටි ගැන විජිත හේරත් කියයි

මීට පෙර ද 16 වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් සහාය ශ්‍රී ලංකාව ලබාගෙන ඇතත් එම කිසි අවස්ථාවක ආර්ථිකය ශක්තිමත් නොවූ බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කරයි.
දූෂණය, නාස්තිය නැති නොකර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැජික්වලින් රට ගොඩදාන්න බැරි බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කොන්දේසි පහළොවක් දමා ඇති බවත් ඔහු කියා සිටී.
ඔහු මේ බව කියා සිටියේ ජාතික ජනබලවේගය විසින් ගම්පහ දී පැවැත්වූ ජන හමුවක් අමතමිනි.
"හොරකම, දූෂණය, නාස්තිය නැති නොකර ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මැජික් පෙන්නූ පළියට රට ගොඩ දැමිය නොහැකි බව" පෙන්වා දුන් ඔහු මෙරට ආර්ථිකය ගොඩදැමීමට නම් නිෂ්පාදන ආර්ථිකයක් සකස් කර, දේශපාලන සංස්කෘතිය වෙනස් කර, කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් සකස් කළ යුතුව ඇති බවත් තවදුරටත් කියා සිටී.
224 Views
Comments