ජේවීපී ආණ්ඩුවක් ගැන සිහින මැවූ චමිලා

පවතින ක්‍රමය වෙනස් කිරීම සඳහා ජාතික ජන බලවේගය සමග අත්වැල් බැඳ ගන්නැයි ප්‍රවීණ රංගන ශිල්පිනී චමිලා පීරිස් මහත්මිය කියා සිටී.
ජාතික ජන බලවේගයේ දේශපාලන රැළියකට සහභාගි වෙමින් ඇය මෙම අදහස් පළ කළ අතර, තමන් ජනතා විමුක්ති පෙරමුණේ පාලනයක් ගැන සිහින දුටු කාන්තාවක් බවද කියා සිටියාය.
තමන් කිසිදිනක ජනතා විමුක්ති පෙරමුණ හැර වෙනත් පක්ෂයක් වෙනුවෙන් ඡන්දය පාවිච්චි කර නැති බව කියා සිටින ඇය, පාලකයන් විසින් සොරාගන්නා ලද ජනතාවගේ ධනය, කාලය සහ සතුට ඇතුළු අහිමි වූ සියලු දේ යළි දිනා ගැනීම වෙනුවෙන් පෙළගැසෙන ලෙසට ජනතාවට ආරාධනා කර සිටී.
186 Views
Comments