ගැහුවොත් ගහන එක තමයි පොහොට්ටුවේ තියරිය - සාගර

ගැහුවොත් ගහන එක තම පක්ෂයේ ප්‍රතිපත්තිය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පවසනවා.
පසුගිය (28) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සදහන් කළේ තම පක්ෂය කිසිසේත්ම ඉවසීමට සූදානම් නැති බවයි.
සාගර කාරියවසම් මහතා සදහන් කළේ ජනාධිපතිවරයාගේ ඇඹුල්දෙනියේ පිහිටි නිවස වටකිරීමට පිරිසක් කටයුතු කළ ආකාරයට තම නිවස වැටලීමට ඔවුන් කටයුතු කළේ නම් තත්ත්වය ඊට හාත්පසින් වෙනස් ස්වභාවයක් ගන්නා බවයි.
යම් කිසි අයෙක් ප්‍රහාරයක් එල්ලකලහොත් අනිවාර්යයෙන්ම ඊට ප්‍රතිප්‍රහාර එල්ල කරන බවත් ප්‍රහාර එල්ල කිරීමට සූදානමින් සිටින බවට සැල වුවද ප්‍රහාර එල්ල කරන බවද කාරියවසම් මහතා වැඩිදුරටත් සදහන් කළා.
598 Views
Comments