ඇමතිධූරය අතහරන්න නාමල් සූදානමින්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
27

ඇමතිධූරය අතහරන්න නාමල් සූදානමින්

ඇමතිධූරය අතහරන්න නාමල් සූදානමින්

අමාත්‍ය මණ්ඩලය අඩු කිරීමට යෝජනා කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔවුන් දරන අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වී ආදර්ශයක් ලබාදෙන්නේ නම තමන් ද ඒ අනුව යමින් අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බවත් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.


මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හෙතෙම මේ බව පැවසීය.


“මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා යෝජනා කළා ඇමති මණ්ඩලයත් අඩු කරන්න කියලා. ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පුළුවන් ආදර්ශයක් වෙලා තමන්ගේ අමාත්‍ය මණ්ඩලයේ ඉන්න අය අස්කරගෙන මේක අඩුකරන තැනට ගෙනියන්න.

 

එහෙම වුණොත් මමත් ලෑස්තියි ඉල්ලා අස්වෙන්න. මට ප්‍රශ්නයක් නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පුළුවන් ආදර්ශය වෙන්න. පොහොට්ටුවෙන් ආදර්ශය මම දෙන්නම්.”

views

652 Views

Comments

arrow-up