මාලිමාවේ නායකයා උද්ඝෝෂණයට ඇවිත් නැහැ

පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස රජයට බලකරමින් ජාතික ජනතා බලවේගය ඊයේ (08) පස්වරුවේ මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක් සංවිධානය කළේය.
කෙසේ වෙතත්, මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයට පිවිසෙන ඇතැම් මාර්ගවල මහජන විරෝධතා පැවැත්වීම වළක්වාලමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය පෙරේදා (07) තහනම් නියෝගයක් නිකුත් කළේය.
පොලීසිය කරන ලද ඉල්ලීමක් අනුව එම නියෝගය නිකුත් කර තිබුණේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු 26 දෙනෙකුට එරෙහිවය.
අධිකරණ නියෝගය නොතකා, පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාරදුන් ජාතික ජනතා බලවේගයේ අපේක්ෂකයින් පිරිසක් ඊයේ පස්වරුවේ එම ස්ථානයේම උද්ඝෝෂණයක් පැවැත්වූ නමුත් එයට නායක අනුර කුමාර දිසානායක මහතා පැමිණ සිටියේ නැත.
පොලිසිය, විශේෂ කාර්ය බළකාය සහ කැරලි මර්දන ඒකකයේ පැමිණීමෙන් මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ පිවිසුම් දොරටුවේ ආරක්ෂාව තර කර තිබිණි. පැයකට ආසන්න කාලයක් විරෝධතාවයේ නිරතවීමෙන් අනතුරුව ජාතික ජනතා බලවේගයේ විරෝධතාකරුවන් විසිර ගියේය.
237 Views
Comments