ලබන වසරේ අරඹන නවතම විශ්වවිද්‍යාලය

දේශගුණික විපර්යාස පිළිබඳ යෝජිත ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය ලබන වසරේ ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් දේශගුණික විපර්යාස ලේකම් කාර්යාලයේ නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී මේ බව දැනුම් දෙන ලදී.
දේශගුණික විපර්යාස පිළිබඳ පර්යේෂණ සඳහා ජාත්‍යන්තර පිළිගැනීමක් ලබා ඇති දළ වශයෙන් 130ක පමණ විද්‍යාඥයින් පිරිසක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් දැනටමත් හඳුනාගෙන ඇති බව එම සාකච්ඡාවේදී අනාවරණය විය.
මෙම විද්‍යාඥයින්ගේ විශේෂඥ දැනුම සහ ජාත්‍යන්තර සම්බන්ධතා විශ්වවිද්‍යාලයේ ක්‍රියාකාරීත්වය සඳහා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරනු ඇත.
229 Views
Comments