JUN
02
ලැජ්ජාවක් නැති මන්ත්‍රී සහ (හොර) බුද්ධි නිලධාරීන්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා සහ තරුණයින් කිහිප දෙනෙකු අතර අද (02) වඩමාරච්චි මහජන ක්‍රීඩාංගණයේ පැවති සුහද හමුවකදී නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති විය.
මෙම උත්සවය අතරතුර යතුරුපැදියකින් පුද්ගලයන් දෙදෙනකු පැමිණ තමන් බුද්ධි අංශ නිලධාරීන් බව පැවසීමෙන් පසු මන්ත්‍රීවරයාගේ පාර්ශ්වය සහ එම පුද්ගලයන් අතර ගැටුමක් ඇති විය.
අසළ විභාග මධ්‍යස්ථානයක රැඳී සිටි පොලිස් නිලධාරින් මැදිහත් වී තත්ත්වය සමථයකට පත් කළේය.
297 Views
Comments