VAT බද්ද අහෝසි කිරීමට රජය තීරණය කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
06

VAT බද්ද අහෝසි කිරීමට රජය තීරණය කරයි

VAT බද්ද අහෝසි කිරීමට රජය තීරණය කරයි

2024 ජනවාරි 1 වනදා සිට දැනට පවතින සරල එකතු කළ අගය මත බදු (SVAT) ක්‍රමය ඉවත් කිරීමට රජය තීරණය කර ඇත. එකතු කළ අගය මත බදු පනතේ අදාළ විධිවිධාන සංශෝධනය කිරීම සඳහා නීති කෙටුම්පත් කිරීමට උපදෙස් දීමේ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

 

 

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම අනුව එකතු කළ අගය මත බද්ද සම්බන්ධයෙන් ප්‍රධාන ප්‍රතිසංස්කරණ දෙකක් හඳුන්වා දිය යුතුව ඇතැයි ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

 

 

මෙම ප්‍රතිසංස්කරණ මගින් සැලකිය යුතු නිදහස් කිරීම් ප්‍රමාණයක් ඉවත් කිරීම සහ සරල එකතු කළ අගය මත බදු (SVAT) ක්‍රමය අහෝසි කිරීම ඇතුළත් වේ. මෙමගින් දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.2% ක පමණ බදු ආදායමේ වැඩි වීමක් රජය අපේක්ෂා කරයි.

views

276 Views

Comments

arrow-up