මයික් පෙන්ස් අමෙරිකාවේ රිපබ්ලිකන් පක්ෂයේ ජනපති අපේක්ෂකත්වයට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
06

මයික් පෙන්ස් අමෙරිකාවේ රිපබ්ලිකන් පක්ෂයේ ජනපති අපේක්ෂකත්වයට

මයික් පෙන්ස් අමෙරිකාවේ රිපබ්ලිකන් පක්ෂයේ ජනපති අපේක්ෂකත්වයට

ඩොනල්ඩ් ට්‍රම්ප් පාලන සමයේදී අමෙරිකාවේ 48 වැනි උපජනාධිපතිවරයා ලෙස කටයුතු කළ මයික් පෙන්ස්  64 හැවිරිදි වියේ පසුවෙයි.

 

 

මයික් පෙන්ස් නිල වශයෙන් අමෙරිකාවේ රිපබ්ලිකන් පක්ෂයේ ජනපති අපේක්ෂකත්වයට ලියාපදිංචි වී ඇති අතර ඉදිරි සතිය තුළදී වීඩියෝ පටයක් නිකුත් කරමින් අපේක්ෂකත්වය පිළිබඳව නිවේදනය කිරීමට නියමිත බව විදෙස් වාර්තාවල සඳහන් කරයි.

 

 

පුද්ගලයින් 7 දෙනෙකු රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා මේ වනවිට එක්ව සිටියි.

 

 

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රොන් ඩි සැන්ටිස්, නිකී හේලි, විවේක් රාමාස්වාමි, ඒසා හචින්සන් සහ ටිම් ස්කොට් ද මීට ඇතුළත් වේ.

 

 

ජෝ බයිඩන්, මේරි ඈන් විලියම්සන් සහ රොබර්ට් එෆ් කෙනඩි ජූනියර් ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂකත්වයට තරඟ වැදීමට නියමිතය.

 

 

views

257 Views

Comments

arrow-up