කුමාර්ගෙන් කුමාරට දේශපාලන ටොක්කක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් පවත්වන ලද ජන හමුවක් අමතමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් මහතා කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණ වැනි වමේ දේශපාලන බලවේගයන් පවා ඡන්දය හැරෙන්නට වෙනත් දේශපාලන ක්‍රියා මාර්ගයක් නොමැති තත්වයට පත් වී ඇති බවයි.
මාර්තු මස 09 වැනිදා පළාත් පාලන මැතිවරණය ස්ථිර වශයෙන්ම පවත්වන බවත්, ඒ ගැන කිසිදු සැකයක් තබා නොගන්නා ලෙසත්, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් කරන ලද ප්‍රකාශයක් උපුටා දක්වමින් මේ අදහස් පළ කොට සිටින ඔහු වැඩි දුරටත් කියා සිටින්නේ, අප්‍රේල් 25 වැනි දා ද එම මැතිවරණය නොපැවැත්වෙන තත්ත්වයක් මත, දැන් ඔවුන් අවුරුද්දක් වුවත් ඒ වෙනුවෙන් බලා සිටීමට තරම් අසරණභාවයට ඇද වැටී ඇති බවයි.
282 Views
Comments