මහින්දානන්දටත් සභාපතිකමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තුවේ දී ඒකමතිකව තේරී පත් වී ඇති බව වාර්තා වේ.
එම කාරක සභාවේ පළමු රැස්වීම ඊයේ පැවැත්වූ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා යන මහත්වරුන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් ඔහු තේරී පත්වී ඇති බව සඳහන් වේ.
කාරක සභාවේ නව සභාපති මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙහිදී ප්‍රකාශ කර සිටියේ රජය විසින් ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිපත්තීන් පිළිබඳ අධීක්ෂණය කිරීම සහ රටේ භෞතික සැලසුම් පිළිබඳ මෙම කාරක සභාව කටයුතු කරන බැවින් පක්ෂ භේදයකින් තොරව තීරණ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි.
මෙම කාරක සභා රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න, අශෝක අබේසිංහ, හර්ෂණ රාජකරුණා සහ සුදත් මංජුල යන මහත්වරුන්ද සහභාගි වී සිටි බව සඳහන් වේ.
283 Views
Comments