මැතිවරණය දිනා ගැනීමට අරගල කරන බව චරිත හේරත් කියයි

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් නිදහස් ජාතික සන්ධානයේ සාමාජික, පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් මහතා පවසා සිටියේ පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීමට කටයුතු කළහොත් ඊට විරුද්ධව ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගැනීමට අරගලයක් ආරම්භ කරන බවයි.
පළාත් පාලන මැතිවරණය නොපැවැත්වූවහොත් ඉදිරියේ පවත්වන ඕනෑම මැතිවරණයකින් ජයගන්නා දේශපාලන කණ්ඩායමක් අනිවාර්යෙන්ම තුනෙන් දෙකක බලයකින් ජයග්‍රහණය ලබන බව ද, එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සොයාගන්නටවත් නොහැකි වන බව ද ඔහු කියා සිටී.
198 Views
Comments