පළාත් පාලන මැතිවරණය ගැන විශේෂ තීරණයක් අද

පළාත් පාලන මැතිවරණය අප්‍රේල් මස 25 වැනිදා පවත්වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් විශේෂ තීන්දුවක් ගැනීම සඳහා මැතිවරණ කොමිසම අද (23) පෙරවරු 10.00 ට පැවැත්වෙන රැස්වීමක් සඳහා සියලුම දේශපාලන පක්ෂ ලේකම්වරුන් කැඳවා තිබෙන බව වාර්තා වේ.
මෙම රැස්වීමේදී මැතිවරණය නියමිත පරිදි පැවැත්වීමට නොහැකි විමේ ගැටළු පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වන අතර, මැතිවරණයට නව දිනයක් ලබා දෙන්නේද, එසේත් නැතිනම් නව මැතිවරණ දිනයක් ප්‍රකාශයට පත් කිරීමට තවදුරටත් කාලය ලබා ගන්නේ ද යන්න පිළිබඳව මැතිවරණ කොමිසම අද තීන්දුවක් ගැනීමට නියමිත බව ද වාර්තා වේ.
242 Views
Comments