හර්ෂ ද සිල්වාට මොකද වුණේ? මොකද වෙන්නේ??

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස තාවකාලිකව හෝ පත්කර රට ස්ථාවර කල යුතු යයි පසුගිය අරගල සමයේ සජිත් ප්‍රේමදාස මහතා සමග වූ සාකච්ඡාවක දී ඉල්ලා සිටියද ඔහු ඊට අකමැති වූ බව ඊයේ පාර්ලිමේන්තුවේදී පැවති විවාදයට එක් වෙමින් සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කර සිටියේය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් විපක්ෂ නායකවරයාට අග්‍රාමාත්‍ය ධුරය භාරගන්නා ලෙස කළ ඉල්ලීම පිළිබඳව සිදු කළ දීර්ඝ සාකච්ඡාවක් අතරතුර මෙම ඉල්ලීම පැන නැගුණු බව ඔහු කියා සිටියේය.
එහෙත් පක්ෂ නායකයා වන තමන් සිටියදී වෙනත් අයෙකු අග්‍රාමාත්‍ය ධුරය භාර ගැනීම පිළිබඳ සජිත් ප්‍රේමදාස මහතා අකමැත්ත පල කළ බවත්, හර්ෂ ද සිල්වා මහතාට මුදල් අමාත්‍ය ධූරය ලබාදීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සූදානමින් සිටියත්, හර්ෂ ද සිල්වා මහතා කැමැත්තෙන් පසු වූයේ පුද්ගලයෙක් ලෙස නොව පක්ෂයක් ලෙස ආණ්ඩුවට සහාය දීම සඳහා බවත් හරීන් ප්‍රනාන්දු මහතා වැඩි දුරටත් කියා සිටියේය.
210 Views
Comments