JAN
02
පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පොහොට්ටුවෙන්ම

ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන ආයතන බහුතරයකට පොහොට්ටුව ලකුණින් තරඟ වදින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.
කෙසේ නමුත් පළාත් පාලන ආයතන කිහිපයකට තම පක්ෂයේ අපේක්ෂකයන් වෙනත් පක්ෂවල ලකුණුවලින් තරඟ කරන අවස්ථා ද ඇති විය හැකි බව ඒ මහතා වැඩිදුරටත් පවසයි.
අද (02) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් දක්වා තිබුණි.
250 Views
Comments