හදිසි ඖෂධ මිලදී ගැනීමේ දී රෙගුලාසි කඩ වුණේ නෑ - සෞඛ්‍ය ඇමති
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
28

හදිසි ඖෂධ මිලදී ගැනීමේ දී රෙගුලාසි කඩ වුණේ නෑ - සෞඛ්‍ය ඇමති

හදිසි ඖෂධ මිලදී ගැනීමේ දී රෙගුලාසි කඩ වුණේ නෑ - සෞඛ්‍ය ඇමති

හදිසි ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලියේ දී කිසිවිටෙකත් හදිසි ප්‍රසම්පාදන රෙගුලාසි කඩකිරීමක් සිදු වූයේ නැති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කරයි.

 

ටෙන්ඩර් කැඳවීමකින් තොරව ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය නොලත් සමාගම්වලින් ඖෂධ ආනයනය කරන බවට පෙරටුවාදී සමාජවාදී පක්ෂය සිදුකරන චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබුණි.

 

පෙරටුගාමී සමාජවාදී පක්ෂය මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කර තිබුණේ මෙරටට ඖෂධ ආනයනයේ දී ටෙන්ඩර් කැඳවීමකින් තොරව ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය පවා නොමැති සමාගම්වලින් ඖෂධ මිලදී ගැනීම මගින් අකටයුතුකම් සිදුවන බවයි.

views

194 Views

Comments

arrow-up