සජිත් නොකරන දෙයක් ගැන රංගෙ කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
28

සජිත් නොකරන දෙයක් ගැන රංගෙ කියයි

සජිත් නොකරන දෙයක් ගැන රංගෙ කියයි

 

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කිසි විටෙක ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

 

වර්තමාන ජනාධිපතිවරයා  බස් පදවන්නේ නැති නිසා සජිත් ඔහුට අභියෝගයක් නොවෙි යැයි ද  සජිත් ගන්නා ක්‍රියාමාර්ග ගැන එජාපය වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැතැයි ද පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

 

සහනාධාර දී රට දියුණු කරන්න බැරි බව ද රංගෙ බණ්ඩාර මහතා කීය.

 

සජිත් කවදාවත් තීරණාත්මක මැතිවරණයකට ඉදිරිපත් නොවන බව කී රංගෙ බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයා තෝරන අවස්ථාවේදීත් මුලදී කෑ ගසමින් සිට ඡන්දයත් ඉල්ලා අන්තිමේදී ඩලස් අලහප්පෙරුම ඉස්සරහට දාමා පැත්තකට වූ බවද ඉදිරියේදීත් වෙන්න නියමිත ඔය දේම යැයි ලියා තියාගන්නැයි ද පැවසීය.

views

230 Views

Comments

arrow-up