ජගත් කුමාරත් හෙට තීරණයක් ගනී
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
29

ජගත් කුමාරත් හෙට තීරණයක් ගනී

ජගත් කුමාරත් හෙට තීරණයක් ගනී

 

ආණ්ඩුව ජනතාව පීඩාවට පත්වන අයුරින් කටයුතු කරන්නේ නම් එහි ඉන්නවාද නැද්ද යන්න ගැන තීන්දුවක් ගැනීමට සිදුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පැවසීය.

 

යළිත් විදුලිබිල වැඩිකළහොත් ජනතාව විශාල වශයෙන් පීඩාවට පත්වන බව කී මන්ත්‍රීවරයා ආදායම් වැඩිකරගැනීම සඳහා වෙනත් යෝජනා ක්‍රියාවට නැංවිය යුතු බව ද සඳහන් කළේය.

 

විදුලිබිල වැඩි කළහොත් ඉදිරි මැතිවරණවලදී රෙදි ඇඳගෙන ජනතාව අසලටයාමට නොහැකි වන බව කී මන්ත්‍රීවරයා එබැවින් ජනයා තවදුරටත් පීඩාවට පත්නොකර මත්පැන් හා මත්ද්‍රව්‍යවල බදු වැඩිකර ආදායම් සොයාගන්නැයි ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව ද කීවේය.

views

198 Views

Comments

arrow-up