තාවකාලිකව නතර වූ සංවර්ධන ව්‍යාපෘති ජනවාරි මාසයේ සිට යළිත්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
22

තාවකාලිකව නතර වූ සංවර්ධන ව්‍යාපෘති ජනවාරි මාසයේ සිට යළිත්

තාවකාලිකව නතර වූ සංවර්ධන ව්‍යාපෘති ජනවාරි මාසයේ සිට යළිත්

පවතින ආර්ථික අර්බුදය හමුවේ තාවකාලිකව නතර කළ පළාත් පාලන ආයතන මගින් ක්‍රියාත්මක කරන ලද සංවර්ධන ව්‍යාපෘති ජනවාරි මාසයේ සිට යළි ආරම්භ කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

 

ඊයේ (21) පළාත් පාලන ආයතන ප්‍රධානීන් සමඟ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයේ පැවති හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබුණි.

 

එසේ ම ආර්ථික අර්බුදය හමුවේ පාසල් උපකරණ ලබා ගැනීමට නොහැකි ළමයින් සඳහා පාසල් උපකරණ ලබාදීමේ වැඩපිළිවෙළක් සහ පෝෂණ තත්ත්වය නැංවීමට පළාත් පාලන ආයතන මගින් විශේෂ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බව ද අමාත්‍යවරයා පවසා තිබේ.

views

257 Views

Comments

arrow-up