ජවිපෙ නායකත්වයෙන් අනුර ඉවත් වෙයි? - තනතුරු මාරුව ගැන විජිත කතා කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
16

ජවිපෙ නායකත්වයෙන් අනුර ඉවත් වෙයි? - තනතුරු මාරුව ගැන විජිත කතා කරයි

ජවිපෙ නායකත්වයෙන් අනුර ඉවත් වෙයි? - තනතුරු මාරුව ගැන විජිත කතා කරයි

ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයේ වෙනසක් සිදු කිරීමට නියමිත ඇතැයි වාර්තා වනවා.

 

ජනතා විමුක්ති පෙරමුණේ නායක මෙන්ම ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක  ජාතික ජන බලවේගයේ නායකත්වයේ හිඳිමින් ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් වන බව දේශපාලන ආරංචි මාර්ග පැවසුවා.

 

ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය බිමල් රත්නායකට ලබා දෙන බවයි එම ආරංචි මාර්ග සඳහන් කළේ.

 

කෙසේ වෙතත් මෙම නායකත්ව මාරුව සිදුවන්නේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණයෙන් පසුව බවයි.

 


මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා තව වසර දෙකකින් පසුව දේශපාලන දිවියෙන් සමුගැනීමට නියමිත බවද එම ආරංචි මාර්ග සඳහන් කළා.

 

ඒ අනුව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් තනතුරට පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පත් වීමට නියමිත බව වාර්තා වනවා.

 

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් කියා සිටියේ මේ සියලු‍ ප්‍රවෘත්ති අසත්‍ය බවයි.

 

එම ප්‍රවෘත්ති නිර්මාණය කළ දේවල් බවත් එහි කිසිදු සත්‍යතාවයක් නොමැති බවත් ඔහු සඳහන් කළා.

views

252 Views

Comments

arrow-up