රටෙන් බාගයක් ආධාර බලාපොරොන්තුවෙන්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
09

රටෙන් බාගයක් ආධාර බලාපොරොන්තුවෙන්

රටෙන් බාගයක් ආධාර බලාපොරොන්තුවෙන්

 

රටේ පවුල් පනස් හත් ලක්ෂයෙන් තිස් හතර ලක්ෂයක් ජීවත් වීමට උදව් කරන්නැයි රජයෙන් ඉල්ලීමක් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

 

රටේ පවුල් සංඛ්‍යාවෙන් සියයට 60.28 ක් රජයෙන් ආධාර බලාපොරොත්තු වන බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා මේ තොරතුරු අනාවරණය වූයේ බිම් මට්ටමේ සමීක්ෂණයකින් බවද සඳහන් කළේය.

 

මෙම ජනතාවට සල්ලි නැතැයි පවසමින් නිහඬව සිටීමට නොහැකි බවත් ඒ අය ජීවත් කළ යුතු බවත් සියඹලාපිටිය මහතා කීවේය.

 

එය රජයේ ප්‍රධාන වගකීමක් බවද හෙතෙම පැවසුවේය.

views

213 Views

Comments

arrow-up