පොහොට්ටු මන්ත්‍රීන් 40කට එජාප ආසන සංවිධායක ධුර - පොහොට්ටුව ප්‍රපාතයට

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් හතළිහකට පමණ එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායක ධුර ලබා දීමට නියමිත බව වාර්තා වෙයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සමගි ජන බලවේගය පක්‍ෂවල මන්ත්‍රීවරුන් හතළිහක් පමණ මෙසේ ආසන සංවිධායක ධුර බාර ගැනීමට නියමිතව ඇත.
ඉදිරි මැතිවරණ ඉලක්ක කරමින් මෙසේ ආසන සංවිධායකවරුන් පත් කිරීමට නියමිතව ඇත.
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩිපිලිවෙල යටතේ මේ වන විට ආසන සංවිධායක ධුර සඳහා පුද්ගලයන් පත් කිරීමේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙයි.
පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර සඳහන් කරන්නේ මේ වන විට ආසන සංවිධායක ධුර ඉල්ලා ඉල්ලුම්පත දහසක් පමණ ලැබී ඇති බවයි.
236 Views
Comments