DEC
04
උවිඳු විජේවීර නව පක්‍ෂයක් පිහිටුවයි - මැතිවරණ කොමිසම ලියාපදිංචිය පිලිගනී

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ පුත්‍රයා වන උවිදු විජේවීර විසින් නව දේශපාලන පක්ෂයක් පිහිටුවා තිබේ.
එම පක්ෂය ‘දෙවන පරපුර’ ලෙස මැතිවරණ කොමිසන් සභාවේ ලියාපදිංචි කර ඇත.
ඔහුගේ පක්ෂය ඇතුළු නව පක්ෂ හතක් ලියාපදිංචි පක්ෂ ලෙස පිළිගැනීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇත.
ඒ අනුව මෙරට ලියාපදිංචි දේශපාලන පක්ෂ සංඛ්‍යාව 79 දක්වා ඉහළ යයි.
307 Views
Comments