මම විමල්ට ආසයි - බැසිල් රාජපක්ෂ
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
03

මම විමල්ට ආසයි - බැසිල් රාජපක්ෂ

මම විමල්ට ආසයි - බැසිල් රාජපක්ෂ

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව විපක්ෂයට ගිය පිරිසට යළි පක්ෂය වෙත පැමිණිය යුතු බව හිටපු අමාත්‍ය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.

 

සති අන්ත ජාතික පුවත්පතකට අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

 

අමාත්‍යවරයා සඳහන් කරන්නේ මේ වන විට කිහිපදෙනෙක් මුල සිටම පක්ෂයෙන් ඉවත් වීමට තීරණය කළත් ඇතැම් පුද්ගලයන් එවැනි තින්දුවක නොසිටි බවයි.

 

ඔවුන්ට වෙනත් පක්ෂවලට ගොස් ඇමතිකම් ගැනීමේ බලාපොරොත්තුවක් සමහරුන්ට නොතිබූ බවද ඔහු පවසනවා.

 

“මෛත්‍රිපාල සිරිසේන මහත්මයා යහපාලන ආණ්ඩුවේ ජනාධිපති වෙලා ඉඳලා අපේ පක්ෂයෙන් තමයි මන්ත්‍රී කෙනෙක් වුණේ. ඒවා ඉතින් එහෙම තමයි මම ආයෙත් කියනවා කල්පනා කරලා බලන්න කියලා. ඔය ගිය හැමෝමට ඉතාම පහසු තැන පොහොට්ටුවයි” බවයි හිටපු අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

 

අමාත්‍යවරයා කියා සිටින්නේ තමාට යළි වතාවක් හිටපු අමාත්‍ය විමල් විරවංශ සමඟ ගමනක් ඇරඹීමට ආශාවක් ඇති බවයි.

views

201 Views

Comments

arrow-up