DEC
09
රට බංකොලොත් කළ අය සොයන්න රනිල්ගෙන් කොමිටියක්

වැරදි රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති මගින් ආර්ථිකය බංකොලොත් භාවයට ගෙනගිය පිරිස් ගැන සෙවීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ ඊයේ (08) අයවැය තෙවැනි වර කියැවීමේ විවාදයට එක්වෙමින්.
දුරදිග නොබලා ජනප්‍රිය තීන්දු තීරණ ගැනීම හේතුවෙන් අද රට බලවත් දුෂ්කරතාවකට මුහුණ දී සිටින බවත්, රටේ අනාගතය යහපත් කිරීමට නම් ජනප්‍රිය නොවන තීන්දු තීරණ ගැනීමට සිදුව තිබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
192 Views
Comments