ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ රටේ ආර්ථිකය ගොඩගත්තා - ප්‍රසන්න රණතුංග

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පැවසූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මේ රටේ ආර්ථිකය ගොඩගත් බව ජනතාව කවුරුත් පාහේ පිළිගන්නා බවයි.
“මහින්ද මහත්තයා යුද්ධය දිනාගත්තා වගේ මේ රටේ ආර්ථිකය ගොඩදැමීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා වැදගත් සේවයක් ඉටු කරලා තියෙනවා. එතුමා කියන දෙය මෙ රටේ ජනතාව කවුරුත් පිළිගන්නවා. එහෙම පිළිගන්නෙ නැත්තෙ කුහකයෝ. ඉතින් හිටපු ඇමති හැරිසන් වගේ ගම්මට්ටමෙන් බොහෝ දෙනෙක් අද එකතුවෙමින් යනවා”
ඊයේ (16) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසුවේය .
335 Views
Comments