තමාව ඉවත් කරන්න අත උස්සන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ජනක කී දේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
11

තමාව ඉවත් කරන්න අත උස්සන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ජනක කී දේ

තමාව ඉවත් කරන්න අත උස්සන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ජනක කී දේ

තමාව ඉවත් කරන්න අත උස්සන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ජනක කී දේ.

 

 

තමාව සභාපති තනතුරෙන් ඉවත් කීරීම සදහා ඉදිරිපත් කර ඇති යෝජනාවට අත ඔසවන සියලුම මන්ත්‍රීවරු සිදුකරන්නේ ඔවුන් බලයට පත් කල ජන්දදායකයන්ගේ අභිලාෂයන්ට එරෙහි වීමක් බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක සදහන් කරයි.

 

 

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ලෙස ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියාකිරීම නොරිස්සන අතලොස්සක් දෙනා තමාව සභාපති තනතුරෙන් ඉවත් කිරීම සදහා කිසිදු පදනමක් නැති අභුත චෝදනා පත්‍රයක් තමා වෙත ඉදිරිපත් කර තිබු බවත් ඒ චෝදනා අසත්‍ය බවට තමා විසින් ප්‍රතිචාර දක්වා ඇති බවද හෙතෙම පවසයි.

 

 

එම චෝදනා පත්‍රය පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 113 කගේ ජන්දය ලබාගෙන තමාව සභාපති තනතුරෙන් ඉවත් කිරීම වත්මන් පාලනයේ සැළසුම බවද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් හෙතෙම කියාසිටි.

 

 

එම මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

 

 

"ශ්‍රී ලංකාවේ සමස්ත පුරවැසියන්ගේ අයිතිවාසිකම් සුරැකීමට හා ඔවුන් මත අසාධාරණ ලෙස බර පැටවීමක් නොකරන බව සහතික කිරීම සදහා අකාර්යක්ෂම සහ බංකොලොත් පාලනයට එරෙහිව මා නැගී සිටියෙමි.

 

 

මා ජනතාව වෙනුවෙන් ගත් තීරණ නිවැරැදි බව දැන් තහවුරු වෙමින් පවතී. 2023 පෙබරවාරි මාසයේදී විදුලි ගාස්තු ඉහල දැමීමට මා එරෙහි වු අතර එම අසාධාරණ ගාස්තු ඉහල දැමීම වැරැදි තීන්දුවක් බව කිසිදු සැකයකින් තොරව ඔප්පු වී තිබේ. ජනතාව වෙනුවෙන් මා ගත් එවැනි තීන්දු රාශියක් ජනහිතකාමී ඒවා බව නොරහසකි.

 


 
මෙරට චන්ද දායකයින් සිය පාර්ලිමේන්තු නියෝජිතයින්ගේ හැසිරීම පිලිබද නිසි සෝදිසියකින් සිට එළඹෙන මැතිවරණ වලදී නිවැරැදි ලෙස ප්‍රතිචාර දක්වනු ඇති බව අපේ අත්දැකීමයි.

 

 

මෙරට ජනතාවගේ යහපත උදෙසා නැගීසීටීමේ ප්‍රථිඵලය මාගේ සභාපති තනතුර අහිමි වීම වුවද තනතුර කැපකර ජනතාව වෙනුවෙන් සිට ගැනීම පීළබද මා සතුටු වෙමි"

views

282 Views

Comments

arrow-up