පක්ෂ ලේකම්වරයාගේ ක්‍රියාකලාපයට එරෙහිව දුමින්දගෙන් මෛත්‍රීට ලිපියක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් ලේකම්වරයාගේ ක්‍රියාකලාපය හෙළා දකින බව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිටු අටක ලිපියක් යොමු කරමින් සඳහන් කර තිබේ.
දුමින්ද දිසානායක මහතා සඳහා කරන්නේ පක්ෂය භේද කරමින් සංවිධායකවරුන් අතර විරෝධතා ඇතිවන ආකාරයට පක්ෂයේ ලේකම්වරයා ක්‍රියා කරන බවයි.
එහි අවසන් ප්‍රතිඵලය වන්නේ පක්ෂය දුර්වල වීම බවද දුමින්ද දිසානායක මහතා සිය ලිපියෙන් පවසා සිටී.
එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කර තිබේ.
233 Views
Comments