JAN
19
මෙරට සමාජය තුළ දිගුකාලීනව මුල්බැස ඇති ගැටලු පිළිබඳව සෙවීමට ජනපතිගෙන් නව කොමිසමක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (19) සමස්ත ලංකා ජමියතුල් උලමා සභාවේ සියවස් සැමරුම් උළෙලට එක් විය.
එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ මෙරට සමාජය තුළ දිගුකාලීනව මුල්බැසගත් ගැටලු පිළිබඳව අවධානය යොමු කිරීම සඳහා සමාජ සාධාරණත්වය සඳහා වන කොමිසමක් ස්ථාපනය කරන බවයි.
එම කොමිසම සමඟ අත්වැල් බැඳගන්නා ලෙස ජනාධිපතිවරයා එහිදී මුස්ලිම් ප්‍රජාවගෙන් ඉල්ලා තිබේ.
205 Views
Comments