JAN
12
ව්‍යාපාරිකයන්ට සහන සලසා දෙනවා - ජනපති

මෙරට ව්‍යාපාරික ප්‍රජාව ආරක්ෂා කර ගැනීම සඳහා ණය සීමා කිරීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලා ව්‍යාපාරිකයන්ට අවශ්‍ය සහන සලසා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
තවද ඒ පිළිබඳව ඉදිරි පියවර ගන්නා ලෙසට තමන් මහ බැංකු අධිපතිවරයාට දැනුම් දී ඇති බව ද ජනාධිපතිවරයා පවසයි.
පෙරේදා (11) කාන්තා ව්‍යවසායකයින් ඇගයීමේ ප්‍රතිභා අභිෂේක 2022 උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව පවසා තිබුණි.
187 Views
Comments