බහුතර ආසන සංඛ්‍යාවකට වෙනම තරඟ කළ ද නිදහස් ජනතා සන්ධානය සමඟ ඇති බැඳීමට ගැටලුවක් නැහැ - මෛත්‍රීපාල සිරිසේන

පළාත් පාලන ඡන්ද විමසීමේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බහුතර ආසන සංඛ්‍යාවක් සඳහා වෙන්ම තරඟ කළ ද එය නිදහස් ජනතා සන්ධානය සමඟ ඇති බැඳීමට ගැටලුවක් නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද (19) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව පවසා තිබුණි.
මේ අතර පළාත් පාලන ඡන්ද විමසීම සඳහා දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් ඇප තැන්පත් කිරීම හා නාම යෝජනා භාරදීම අද (19) දිනත් සිදු විය.
237 Views
Comments