APR
02
වහාම රට වහන්න - පාඨලී

මේ අවස්ථාවේ අත්‍යාවශ්‍ය සේවා පමණක් පවත්වාගෙන යමින් රට වසා දැමීමට කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය.
එමෙන්ම විදුලිබල මණ්ඩලය වහාම විශේෂඥ මණ්ඩලයකගේ පාලනයට භාර දිය යුතු බවද කොළඹදී (31) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රණවක මහතා කීවේය.
ආණ්ඩුව පත්කළ සෞබාග්‍යමත් රටේ හැත්තෑ පන් ලක්ෂයක් විදුලි පරිභෝගිකයන්ට පැය විසි හතරෙන් පැය දහතුනක් විදුලිය නොමැතව ජීවත් වෙන්න සිදුව ඇතැයිද ඔහු පැවසීය.
297 Views
Comments