සජබේ තනතුරුවල වෙනසක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
17

සජබේ තනතුරුවල වෙනසක්

සජබේ තනතුරුවල වෙනසක්

සමගි ජන බලවේගයේ තනතුරු දෙකකට නව සාමාජිකයින් පත්කර තිබේ.

 

ඊයේ (16) සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂ නායක කාර්යාලයේ  දී කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වූ අවස්ථාවේ දී එම තීරණය ගෙන තිබේ.

 

ඒ අනුව සමගි ජනබලවේගයේ නියෝජ්‍ය භාණ්ඩාගාරික තනතුරට ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා⁣ මහතා පත්කර ඇත.

 

සමගි ජනබලවේගයේ නියෝජ්‍ය ලේකම් ධුරයට කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පත්කර ඇත.

 

සජිත් ප්‍රේමදාස මහතා විසින් විපක්ෂ නායක කාර්යාලයේ දී එම පත්වීමේ ලිපි ලබාදී තිබේ.

views

228 Views

Comments

arrow-up