උතුරු, නැගෙනහිර සහ වයඹ ආණ්ඩුකාර ධුරයන් සඳහා නව පත්වීම් අද

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළාත් ආණ්ඩුකාරවරුන් තිදෙනෙකු පසුගියදා එම තනතුරුවලින් ඉවත් කිරීමට පියවර ගත් අතර අද (17) දිනයේදී එම පුරප්පාඩු සඳහා නව පත්කිරීම් සිදුකිරීමට නියමිතව තිබේ.
උතුරු, නැගෙනහිර සහ වයඹ ආණ්ඩුකාර ධුරයන් සඳහා නව පත්වීම් අද දිනයේදී ලබා දෙයි.
සෙන්දිල් තොණ්ඩමාන් මහතා නැගෙනහිර ආණ්ඩුකාර තනතුර සඳහා පත්කෙරෙනු ඇති බව ඊයේ දිනය වනවිට වාර්තා වී තිබිණි.
වයඹ පළාත් ආණ්ඩුකාර තනතුර සඳහා ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාත් උතුරු පළාත් ආණ්ඩුකාර තනතුර සඳහා පී. එස්. එම්. චාල්ස් මහත්මියත් පත්කිරීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.
265 Views
Comments