APR
10
ලයිට් නැතුව ඉන්නකොට මටත් බෝඩ් එකක් අරන් පාරට යන්න හිතෙනවා..- එස්.බී

තෙල් පෝලිම් වල ගෑස් පෝලිම වල සිටින ජනතාව ආණ්ඩුවට ‘ගෝටා ගෙදර පල’ කීම ගැන පුදුම නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා සඳහන් කරයි.
ඔවුන් පාරට බැස ආණ්ඩුවට ශාප කිරිම ගැන පුදුම නොවන බවද හෙතෙම පැවසීය.
ජනතාවට මේ වී තිබෙන හිරිහැරය කරදරය සම්බන්ධයෙන් රජය වෙනුවෙන් පොදුජන පෙරමුණ වෙනුවෙන් ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බවද හෙතෙම සඳහන් කළේය.
පැය හත අටක් විදුලිය නැතුව නිවසේ සිටින විට තමනටද බෝඩ් එකක් උත්සාගෙන ගෙන පාරට බහින්න හිෙතන බවද ඔහු තවදුරටත් පැවසීය.
704 Views
Comments