ජනපති-රනිල් අතර විශේෂ හමුවක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවූක් ඊයේ (7) පැවැත්විණ.
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති හමුව ජනපති හා හිටපු අගමැති පමණක් සහභාගී වීම විශේෂත්වයකි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ දැනුම් දීමකට අනුව පාර්ලිමේන්තු සංකීර්ණයේ ජනාධිපති කාර්යාලය වෙත පැමිණ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා හමුවිය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියාම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා කළ යෝජනාව පිළිබඳ ඉහත හමුවේ දී ජනාධිපතිවරයා කරුණු සවිස්තරව විමසනු ලැබීය.
588 Views
Comments