රජයේ අධිනීතිඥවරියකට පිහි ප්‍රහාරයක්

පානදුර දුම්රියපොළ ඉදිරිපිටදී රජයේ අධිනීතිඥවරියකට පිහි ප්‍රහාරයක් එල්ල කර තිබේ.
මෙම ප්‍රහාරය අද (23) රාත්‍රී එල්ලවී ඇති අතර තුවාල ලැබූ රජයේ අධිනීතිඥවරිය පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇත.
දුම්රියෙන් බැස නිවස කරා යමින් සිටියදී ඇයට මෙම ප්‍රහාරය එල්ලකර ඇති බව වැඩිදුරටත් අනාවරණය වී ඇත.
39 හැවිරිදි වියේ පසුවන ප්‍රහාරය එල්ලකළ සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී එම ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි රථවාහන අංශයේ පොලිස් නිලධාරියෙකුද තුවාල ලබා ඇති බව සඳහන් වෙයි.
පානදුර පොලීසිය විසින් විමර්ශන ආරම්භ ආරම්භ කර ඇති අතර සැකකරු පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
273 Views
Comments