පැලවත්ත නගර මධ්‍යයේ පුද්ගලයෙකු ඝාතනය කෙරේ

තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකු අමානුෂික ලෙස ඝාතනය කිරීමේ ඛේදනීය සිදුවීමක් මතුගම පැලවත්ත නගරයේදී සිදුවුණා. මීගහතැන්න පොලිසිය සඳහන් කළේ අද (16) පස්වරුවේ මෙම ඝාතනය සිදුව ඇති බවයි.
ඝාතනයට ලක්ව ඇත්තේ පැලවත්ත මිරිස්වත්ත ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි. පැලවත්ත නගර මධ්‍යයේ පිහිටි ෆාමසියක් ඉදිරිපිටදී කඩුවකින් පහරදී මෙම ඝාතන සිදු කර ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
මෙම සාහසික ක්‍රියාවට සම්බන්ධ අපරාධකරු කවුරුන්ද යන්න තවමත් අනාවරණය වී නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් වගකිව යුතු පාර්ශ්වය හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා මීගහතැන්න පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
308 Views
Comments