ළිං කුහරයක් තුළ සිරව සිටි කුඩා දැරියක් මිය යයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
09

ළිං කුහරයක් තුළ සිරව සිටි කුඩා දැරියක් මිය යයි

ළිං කුහරයක් තුළ සිරව සිටි කුඩා දැරියක් මිය යයි

පසුගිය අඟහරුවාදා පස්වරුවේ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ ළිං කුහරයක් තුළ සිරව සිටි තවත් කුඩා දැරියක් මියගොස් තිබේ.

 

 

වයස අවුරුදු දෙකහමාරක් වූ මෙම කුඩා දැරියක් මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ මුන්ගාවලී ප්‍රදේශයේ අඩි 300ක් පමණ ගැඹුරින් යුත් ළිං කුහරයකට ඇද වැටී ඇත.

 

 

ඊයේ (08) පස්වරුවේ දැරිය මුදා ගැනීම සඳහා පැය 52කට අධික කාලයක් මෙහෙයුම් සිදුකර තිබු අතර එහි ප්‍රතිඵලයක් ලෙස දැරිය ලිං කුහරයෙන් ගොඩ ගෙන රෝහල් ගත කිරීමට පියවර ගතකර තිබුන ද ඒ වන විටත් ඇය මිය ගොස් තිබූ බව වාර්තා විය.

 

 

ඉන්දියාවේ භාවිතයට ගැනීමෙන් පසු ලිං කුහර නිසි පරිදි වසා නොදැමීම හේතුවෙන් කුඩා දරුවන් මියයෑමේ සිදුවීම් එරටින් බහුලව වාර්තා වෙයි.

 

 

ඉන්දීය වාර්තා පෙන්වා දෙන්නේ 2009 වසරේ සිට මේ දක්වා එවැනි සිදුවීම් 40ක් ඉන්දියාවෙන් වාර්තා වී ඇති අතර මුදාගැනීම සඳහා සිදුකළ මෙහෙයුම් වලින් සියයට 70ක්ම අසාර්ථක වී ඇති බවයි.

 

views

307 Views

Comments

arrow-up